Gossips

ඇමරිකාවේ අධි ශීත කාලගුණය සමනය වන ලකුණු

ආක්ටික් ධ‍්‍රැවයේ ශීත වා දහරා මගින් ඇමරිකාව පුරා ඇති වූ අධිශීත කාලගුණය සමනය වීමේ තත්ත්වයක් ඊයේ වන විට දක්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.
විශේෂයෙන් සෙන්ටිගේ‍්‍රඩ් අංශක ඍණ 30 ඉක්මවා උෂ්ණත්වය පහත වැටුණු චිකාගෝ හි ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ ඍණ 5.5ක උෂ්ණත්වයක්.
ඇමරිකාවේ මිඩ්වෙස්ට් සහ ඊසානදිග ප්‍රදේශ මුළුමනින්ම පාහේ හිමෙන් වැසී ඇති අතර, පුද්ගලයන් 21 දෙනෙකු අධිශීත කාලගුණයෙන් ජීවිතක්ෂයට පත්වුණා.
කෙසේ නමුත්, මෙම සති අන්තයේ සාපේක්ෂව උණුසුම් කාලගුණයක් පවතින බවයි වාර්තා වන්නේ.