Gossips

ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

මේ මස 22 වනදා සිට රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඉදිරි මාස 3 න් පසු මෙම සම්බාධක තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.
ස්නායුවලට හානිකර රසායනික භාවිත කරන බවට රුසියාවට එල්ලවූ චෝදනා පදනම් කරගනිමින් මෙම සම්බාධක පැනවූ බව ඇමරිකානු බලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා යළිත් වරක් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.