Gossips

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක

ඉරානයට එරෙහිව යලි සම්බාධක පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඒ, ඇමරිකාව සමඟ අත්සන් කර තිබූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඉරානය ගත් තීරණයත් සමඟයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය හේතුවෙන් ඉරානයේ තෙල් අපනයනයට මෙන්ම කර්මාන්ත කෙරෙහි සෘජු බලපෑම් ඇති කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපති හසන් රවුහානි ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව තම රටට බලපෑම් කිරිමේ අරමුණින් සිදුකරන මෙම සම්බාධක පැනවීමට සිය අප්‍රසාදය පලකරන බවයි.
මීට පෙර අවස්ථාවලද ඇමරිකාව ඉරානයට සම්බාධක පැනවීමට පියවර ගෙන තිබුණා.