ඇමරිකාවේ බටහිර – මධ්‍යම කලාපයට සහ එහි තැනිතලා ප්‍රදේශයට අද දිනයේ ප්‍රබල හිම කුණාටුවක් අපේක්ෂා කරන බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කළා.
එමෙන්ම දකුණු දිග ප්‍රදේශවලටද තද සුළං සහ ටොනේඩෝ තත්ත්වයක් සමඟ අකුණු – වැසි අපේක්ෂා කෙරෙනවා. විශේෂයෙන් මිනසෝටා, අයෝවා, මිසිසිපි සහ දකුණු ඩැකෝටා ප්‍රදේශවලට මෙන්ම ටෙක්සාසයට සහ ඇලබාමා ප්‍රදේශයට මෙම හිම කුණාටු සහිත කාලගුණය බලපවත්වන බව සඳහන්.
ටොනේඩෝ තත්ත්වය ඇතැම්විට පැයට කිලෝමීටර 145 ක වේගයක් සහිත වනු ඇති.
