Gossips

ඇමරිකාවට පැමිණෙන්නැයි ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා

මේ වසරේ ශිශිර ඍතුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ආරාධනා කර තිබෙනවා.
ධවල මන්දිර ප්‍රකාශිකාව ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනපති පුටින්ට එලෙස ආරාධනා කරන ලෙස ජනපති ට්‍රම්ප් ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් වෙත උපදෙස් ලබාදුන් බවයි.
ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර පැවති සමුළුවේදී සාකච්ඡා කළ කරුණු ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනපති පුටින් යලි හමුවීමට අදහස් කරන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් බලයට පත් කළ පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා හේතුවෙන්, තවත් ට්‍රම්ප් – පුටින් හමුවක් පිළිබඳ යෝජනාව ඇමරිකානු මාධ්‍ය වල දැනටමත් විවේචනයට ලක්වනවා.