චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 50 ඉක්මවූ බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව චීනය පවසනවා.
චීන වානිජ අමාත්‍යාංශය සඳහන් කළේ ඇමරිකාවෙන් චීනයට ආනයනය කරන වියළි පළතුරු වයින් සහ වානේ පයිප්ප සඳහා සියයට 15 ක බද්දක් පැනවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, ඇමරිකානු ඌරු මස් නිෂ්පාදන සහ ප්‍රතිචක්‍රීය ඇලූමිනියම් සඳහා සියයට 25 ක බද්දක් පැනවීමට ද චීනය සැලසුම් කරනවා.
ඇමරිකාව පනවා ඇති බදු සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් මෙම නව ආනයනික බදු පනවන බව චීනය අවධාරණය කළා.