Gossips

ඇමරිකාවට ඇතුලුවීමට තැත්කළ 500ක් පිටුවහල් කෙරේ

මෙක්සිකෝ දේශසීමාවෙන් ආක්‍රමණකාරී ලෙස ඇමරිකාවට ඇතුලුවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 500 දෙනෙකු පිටුවහල් කිරීමට මෙක්සිකෝව කටයුතු කර තිබෙනවා.
ග්වාතමාලා, එල් සැල්වදෝර්, හොන්ඩියුරාස් ආදී මධ්‍යම ඇමරිකානු රටවල සිට පැමිණි සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
මෙක්සිකෝ – ඇමරිකා දේශසීමාවේ පිහිටි ටිජුආනා නගරයේ දී ආක්‍රමණකාරී ලෙස ඇමරිකාවට ඇතුලුවීමට උත්සහ කළ සංක්‍රමණිකයන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.