Gossips

ඇමරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් ඉරාකයේදී කඩා වැටේ

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බටහිර ඉරාකයේදී හදිසියේ කඩා වැටී ඇති බව වාර්තා වනවා.
හෝක් වර්ගයට අයත් එච්.එච්. – 60 වර්ගයේ මෙම ගුවන් යානය ඇමරිකානු ආරක්ෂක භටයන් 7 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් අතුරෙන් කිසිවෙකු දිවි ගලවා ගත්තේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
එමෙන්ම, හෙලිකොප්ටර් යානය ගොඩබිමේ සිට එල්ල වූ ප්‍රහාරයකට ගොදුරු වූයේ ද යන්න ඇමරිකානු බලධාරින් ප්‍රතික්ෂේප නොකළ බව විදෙස් වාර්තා සඳහන් කළා.
යානය අනතුරට ලක්වූ සිරියානු දේශසීමාව ආසන්නයේ අන්බාර් ප්‍රාන්තයට ජීවිතාරක්ෂක කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා.