Gossips

ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත් නොවන ලකුණු

සිය ඉලක්කයන් සපුරාගන්නා තුරු ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත් කර නොගන්නා බව ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනි නිකී හේලි ඊයේ (15) නිල වශයෙන් ප්‍රකාශ කළා.
එහිදී ඇය ඇමරිකාවේ පළමු ඉලක්කය ලෙස හැඳින්වූයේ සිරියානු රජය රසායනික අවි භාවිත නොකිරීම සහතික කරලීමයි.
අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පරාජයට පත් කරලීම සහ කලාපය තුළ ඉරානයේ ක්‍රියාකරකම් නිරික්ෂණය කිරීම එහිදී ඇය හැඳින්වූ අනෙක් අරමුණු දෙකයි.
ඇමරිකානු හමුදා නැවත ගෙන්වා ගැනීම අවසන් අරමුණ වුවත්, අදාළ ඉලක්කයන් සපුරාලන තුරු ඔවුන් එහි රැඳී සිටිනු ඇති බව ඇය අවධාරණය කළා.
ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත් කර නොගැනීම සඳහා ජනපති ට්‍රම්ප් වෙත තමා විසින්ද කරුණු ඉදිරිපත් කළ බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකොන් ද කියා සිටියා.