Gossips

ඇමරිකානු හමුදා යානයක් කටුනායකට

ඇමරිකානු හමුදාවට අයත් සී.ටූ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.
අද පෙරවරුවේ එම ගුවන් යානය පැමිණ ඇතත්, එහි පැමිණි මගීන්ගේ නාම ලේඛනයක් ගුවන් තොටුපළ බලධාරීන්ට ලැබී තිබුණේ නැහැ.
ඕනෑම ගුවන් යානයක් ගුවන් තොටුපළට ගොඩ බස්සවන විට එහි මගීන්ගේ නාම ලේඛනයක් ලබාදිය යුතුවීම සාමාන්‍ය තත්ත්වයක්.
ඒ අනුව ගුවන් යානයේ පැමිණි පිරිසට ගුවන් තොටුපළෙන් පිටවීමට නොහැකි බවයි ආගමන විගමන නිලධාරීන් දැනුම් දී ඇත්තේ.
පසුව ඔවුන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ ගුවන් යානයේ පැමිණි මගීන්ගේ නම් ලැයිස්තුවක් ගුවන් තොටුපළ රේගුවට සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබාදී ඇති බව කටුනායක ගුවන් තොටුපලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.