Gossips

ඇමරිකානු සම්බාධක ගැන චීනයේ නොසතුට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාවට පනවන නව සම්බාධක ඇමරිකානු – චීන සබඳතාවලටද හානිකර බව චීනය ප්‍රකාශ කළා.
උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉලක්ක කරගෙන ඇමරිකා එක්සත් ජනපදය පනවන නව සම්බාධකවලට චීන නෞකා සමාගම්ද ඇතුළත් වනවා.
චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ උතුරු කොරියාව සම්බන්ධයෙන් ජගත් සංවිධානය පනවා ඇති සම්බාධක චීන රජය මුළුමනින්ම ක්‍රියාවට නංවා ඇති බවයි.
මේ නිසා චීන සමාගම් ඉලක්ක කරගෙන ඇමරිකාව ඒකපාර්ශවික සම්බාධක පැනවීම අනුමත කළ නොහැකි බව එමඟින් අවධාරණය කළා.