Gossips

ඇමරිකානු විශේෂ බලකායට සෝමාලියාවේදී ප්‍රහාරයක්

නිරිතදිග සෝමාලියාවේ ජමාමේ නගරය ආසන්නයේදී අල්ශබාබ් සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු විශේෂ බලකායේ භටයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් ඇමරිකානු සෙබලුන් 04 දෙනෙකු සහ සෝමාලි සොල්දාදුවෙකු මෙහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙය පසුගිය වසරේ ඔක්තෝම්බරයේ නයිබර් හිදී එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇමරිකානු සෙබලෙකු අප්‍රිකාවේ මෙහෙයුමකදී මිය ගිය ප්‍රථම අවස්ථාවයි.
ඇමරිකානු හමුදා සෝමාලියාවේ රජයේ හමුදාවලට උපදේශක සහ මෙහෙයුම් සහය මෙහෙවරක නිරතව සිටිනවා.
කෙසේ නමුත්, 1993 වසරේ මොගඩිෂු නුවර දී ඇමරිකානු විශේෂ බලකායේ භටයන් 18 දෙනෙකු සන්නද්ධ ප්‍රහාරයකින් මිය යාමෙන් පසු සෝමාලියාවේ හමුදා මෙහෙයුම් පිළිබදව ඇමරිකාව කටයුතු කරන්නේ පරීක්ෂාවෙන්.
එම සිද්ධිය බ්ලැක් හෝක් ඩවුන් නැමති චිත්‍රපටයෙන් ද නිරූපණය කෙරෙනවා.