Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම් මැලේසියාවේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද හමුවුණා.
ඒ සිය ප්‍රථම මැලේසියානු සංචාරයේ නිමාව සලකුණු කරමින්.
92 හැවිරිදි මහතිර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයට යළි පත්වීමෙන් පසු ඔහු මුණගැසුණු ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා ඔහුයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිංගප්පුරුවේ පැවැත්වෙන ආසියා විදේශ අමාත්‍ය සමුළුව සඳහා සහභාගි වනු ඇති.
අග්‍රාමාත්‍ය මහතිර් මොහොඩම් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු දකුණ චීන මුහුදේ වාතාවරණය පිලිබඳ ට්‍රම්ප් පරිපාලනයේ ස්ථාවරය ඉදිරිපත් කර ඇති බව සඳහන්.