Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම් නැවතත් උතුරු කොරියාවට

න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බ්‍රහස්පතින්දා නැවතත් උතුරු කොරියාව බලා නික්මෙනවා.
එහිදී ඔහු උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග සාකච්ඡාවල නිරතවනු ඇති බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.
පසුගිය ජුනි 12 වනදා සිංගප්පූරුවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පැවති සාකච්ඡාවෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවට පැමිණෙන පළමුවන අවස්ථාව මෙයයි.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි වලින් තොර රටක් බවට පත් කිරීම, සහතික කරලීම, රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ අරමුණ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.