Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙවන දිනටත් උතුරු කොරියාවේදී සාකච්ඡා

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හරණය පිළිබදව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද දෙවන දිනටත් එරට බලධාරීන් සමඟ සාකච්ඡාවල නිරත වනවා.
පළමු දිනයේ සාකච්ඡාවලින් අනතුරුව ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සඳහා කණ්ඩායම් දෙකක් පිහිටුවීමට ද තීරණය වුණා.
1950 දශකයේ පැවති කොරියානු යුද්ධයේදී මිය ගිය ඇමරිකානු සොල්දාදුවන්ගේ භෂ්මාවශේෂ නැවත ඇමරිකාවට රැගෙන යාම පිළිබදව ද ඔවුන් එහිදී සාකච්ඡා කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.
උතුරු කොරියාවේ දී තමා සිදුකරන සාකච්ඡා පිළිබදව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කිරීම සඳහා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔහුට විටින් විට දුරකථන ඇමතුම් ලබාදෙන බව ද සඳහන්.