Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයකට සූදානමින්

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යළි උතුරු කොරියාවේ සංචාරයක් සිදුකිරීමට සූදානම් වනවා.
ඒ, දෙරටේ සහයෝගීතාව පිළිබඳව දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහායි.
පැය 24 කට වැඩි කාලයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවේ රැඳී සිටින අතර, පසුගියදා ඇමරිකානු – උතුරු කොරියානු රාජ්‍ය නායකයන් හමුවීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය නියෝජිතයෙකු උතුරු කොරියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.