Gossips

ඇමරිකානු රජය තාවකාලිකව සක්‍රිය කෙරේ

රජයේ වියදම් කොංග්‍රසය මගින් අනුමත නොකිරීම නිසා දින 35ක් තිස්සේ අක්‍රියව තිබූ ඇමරිකානු රජයේ කටයුතු යළි සක්‍රිය කිරීම සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟත්වය පළ කර තිබෙනවා.
කෙසේ නමුත්, ඔහු ඉල්ලා සිටින පරිදි මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීමට ඩොලර් බිලියන 5.7ක් වෙන් කිරීම මෙතෙක් කොංග්‍රසය අනුමත කර නැහැ.
රජය තාවකාලිකව සක්‍රිය කිරීමට ජනපති ට්‍රම්ප් එකඟ වීම විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයේ කථානායකවරිය වන නැන්සි පෙලෝසි ලද ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන්නේ.
රජයේ වියදම් අනුමත නොවීමෙන් රජයේ කටයුතු අක්‍රිය වීම මීට පෙර ද සිදුව ඇති නමුත් එලෙස දීර්ඝතම කාලයක් රජය අක්‍රිය වීමක් වාර්තා වූයේ මෙලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළයි.