ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට සහභාගිවීම සඳහා මිලිනොකට් සහ ස්පර්න්ස් යන ඇමරිකානු යුද නෞකා දෙක මේ වන විට හම්බන්තොට වරායට සේන්දු වී තිබෙනවා.
මෙරට නාවික හමුදා නිලධාරීන් සහ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නාවික උපදේශකවරයා විසින් ඒවායේ කාර්ය මණ්ඩල පිළිගනු ලැබූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.
ඇමරිකානු යුද නෞකා සමඟ අදියර දෙකකින් පැවැත්වෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සයුරල සහ සමුදුර යන නාවික හමුදා යාත්‍රා ද එක්වීමට නියමිතයි.
හම්බන්තොට වරායට පැමිණ ඇති ඇමරිකානු නාවික හමුදාවේ මිලිනොකට් නෞකාව මීටර් 103ක් දිගැති ටොන් 2362ක බර ධාරිතාවකින් යුක්තයි.
මීටර් 155.3ක් දිගැති ස්පර්න්ස් නෞකාවේ බර ධාරිතාව ටොන් 9980ක්. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඇමරිකානු නාවික හමුදාව අතර පැවැත්වෙන මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේ අරමුණ වන්නේ යාත්‍රා හැසිරවීම්, කිමිදුම් අභ්‍යාස, ත්‍රස්ත මර්දන මෙහෙයුම්, ප්‍රජා සත්කාර සේවා, ක්‍රීඩා ආදී ක්‍රියාකාරකම් තුළින් ද්වි පාර්ශවික සහයෝගීතාව ඉහළ නැංවීමයි.
