Gossips

ඇමරිකානු යුද නෞකා දෙකක් හම්බන්තොට වරායට

ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට සහභාගිවීම සඳහා මිලිනොකට් සහ ස්පර්න්ස් යන ඇමරිකානු යුද නෞකා දෙක මේ වන විට හම්බන්තොට වරායට සේන්දු වී තිබෙනවා.
මෙරට නාවික හමුදා නිලධාරීන් සහ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නාවික උපදේශකවරයා විසින් ඒවායේ කාර්ය මණ්ඩල පිළිගනු ලැබූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.
ඇමරිකානු යුද නෞකා සමඟ අදියර දෙකකින් පැවැත්වෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සයුරල සහ සමුදුර යන නාවික හමුදා යාත්‍රා ද එක්වීමට නියමිතයි.