Gossips

ඇමරිකානු භාණ්ඩ 128කට චීනය බදු පනවයි

ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කර ඇති බවයි.
මෙම බදු පැනවීමේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවන බවයි වාර්තාවන්නේ.
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 50 ඉක්මවූ බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව චීනය පසුගියදා ප්‍රකාශ කළා.
ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධයක අවදානම හේතුවෙන් ආසියානු කොටස් මිල පහත වැටීමක්ද මේ වනවිට පෙන්නුම් කර තිබෙනවා.