Gossips

ඇමරිකානු භාණ්ඩ වර්ජනයකට රුසියාව සැරසේ

ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ රැසක් තහනම් කිරීමට රුසියාව සූදානම් වනවා.
ඒ, ඇමරිකාව මීට පෙර රුසියාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා සම්බාධක පැනවීම හේතුවෙන්.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබන සතියේ රුසියානු පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
මේ අනුව පරිගණක මෘදුකාංග, ඖෂධ, දුම්කොළ සහ මධ්‍යසාර ඇතුලූ භාණ්ඩ ඇමරිකාවෙන් ආනයනය කිරීම රුසියාව විසින් අත්හිටවනු ඇති.