Gossips

ඇමරිකානු ප්‍රහාරවලට රුසියාවෙන් ප්‍රතිචාර

ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාව ප්‍රතිචාර දක්වා තිබෙනවා.
තම රාජ්‍යයට හිතවත් රටකට එරෙහිව දියත් කරනු ලබන මෙම ප්‍රහාරවලට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ප්‍රහාර සුළු කොට නොතකන බවද රුසියාව කියා සිටියා.
ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධව සිරියාවේ රසායනික අවි නිෂ්පාදනය කරන ස්ථාන වෙත ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ අද උදෑසනයි.
දැනටමත් මිසයිල ප්‍රහාර සියයකට අධික සංඛ්‍යාවක් සිරියාවේ රසායනික අවි නිෂ්පාදනය කරන ස්ථාන තුනක් වෙත එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඩමස්කස් අගනුවර මෙන්ම හෝමස් නගරයේ තවදුරටත් පිපිරීම් සිදුවන බවද වාර්තා වනවා.
සිරියාවේ ඩූමා නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය මුල් කරගනිමිනුයි ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවේ.
ඇමරිකාව පවසන්නේ ජනාධිපති බෂාර් අල් අසාද් මෙම සිද්ධියට සෘජුවම වගකිව යුතු බවයි.