Gossips

ඇමරිකානු ප්‍රහාරයකින් සිරියානු හමුදා නිලධාරියෙකු මරුට

ඇමරිකානු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරාක – සිරියානු දේශසීමාවේ ඇමරිකා හමුදා කදවුරක් අසල පිහිටි සිරියානු හමුදා මුරපොලකට එල්ල කළ ප්‍රහාරයකදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, පෙන්ටගනය සදහන් කර ඇත්තේ අදාළ ප්‍රහාරයෙන් කිසිවෙකුත් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු ලැබී නොමැති බවයි.