Gossips

ඇමරිකානු නිර්මාණකරු එලොන් මස්ක්, මිනි සබ්මැරීනයක් රැගෙන තායිලන්තයට

ඇමරිකානු අභ්‍යාවකාශ තාක්ෂණ නිර්මාණකරු සහ ව්‍යවසායක එලොන් මස්ක් ලෙන තුළ සිර වූ ළමයින් බේරා ගැනීම සඳහා මිනි සබ්මැරීනයක් රැගෙන අද තායිලන්තයට පැමිණියා.
කෙසේ නමුත්, ලෙන තුළ සිර වී සිටි ළමයින් 8 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර, අවසන් ළමයින් 4 දෙනා සහ පුහුණුකරු අද මුදා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.
කෙසේ නමුත්, එලොන් මස්ක් කියා සිටියේ යම් හෙයකින් එම ප්‍රයත්නය අසාර්ථක වුවහොත් සිය සබ්මැරීනය ඒ සඳහා උපයෝගී කර ගත හැකි බවයි.
එමෙන්ම එය ඉදිරි අවශ්‍යතාවක් සඳහා යොදා ගැනීමේ අරමුණින් තායිලන්තයට ලබාදෙන බව ද ඔහු සඳහන් කළා.
ලෙන තුළ සිරවූ ළමයින්ගේ පාපන්දු කණ්ඩායමේ නමින් වයිල්ඩ් – බෝ ලෙස නම් කෙරුණු මෙම සබ්මැරීනය නිර්මාණය කර ඇත්තේ අභ්‍යාවකාශ තාක්ෂණය උපයෝගී කර ගනිමින්.