Gossips

ඇමරිකානු නව අභ්‍යාවකාශ යානය සාර්ථක ලෙස යළි පෘථිවියට

උඩු ගුවනට මිනිසුන් ගෙන යාම සඳහා ඇමරිකාව නිෂ්පාදනය කළ නව ඩ‍්‍රැගන් අභ්‍යාවකාශ යානය ඊයේ නැවතත් සාර්ථකව පෘථිවියට ගොඩ බස්සවනු ලැබුවා.
ඒ, අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයේ දින 6ක පරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.
ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙන් නික්මුණු ඩ‍්‍රැගන් අභ්‍යාවකාශ යානය අත්ලාන්තික් සාගරයට ගොඩ බස්වනු ලැබුවේ ඒ සඳහා වන පැරිෂූට උපයෝගී කර ගනිමින්.
ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට අවශ්‍ය රාත්තල් 400ක් බරැති සැපයුම් ද්‍රව්‍ය රැගෙන ඩ‍්‍රැගන් යානය ෆෝල්කන් 9 රොකට්ටුවක් මගින් උඩු ගුවනට යවනු ලැබුවේ පසුගිය සෙනසුරාදායි.
එය නිෂ්පාදනය කර ඇත්තේ ස්පේස් එක්ස් නැමති පෞද්ගලික සමාගම විසින්.