Gossips

ඇමරිකානු – දකුණු කොරියානු ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසය අප්‍රේල් 1 වන දා ආරම්භ වන බව දෙරට විසින් නිවේදනය කර තිබෙනවා.
මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය උතුරු කොරියාව සලකන්නේ ආක්‍රමණයක් ලෙසින්.
මේ නිසා එය කලාපය තුළ උණුසුම් වාතාවරණයකට හේතු වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා සෙබලූන් තුන්ලක්ෂයක් සමඟ නවීන යුද උපකරණ සහ ප්‍රහාරක යානා යොදා ගැනෙනු ඇති.
පසුගිය මාර්තු මාසයේ මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිතව තිබුණ ද එය කල් දමනු ලැබූයේ දකුණු කොරියාවේ පැවැති ශීත ඝෘතු ඔලිම්පික් සැණකෙලිය හේතුවෙන්.