Gossips

ඇමරිකානු තානාපතිනිය යුද හමුදාපති හමුවෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ මුණ ගැසුණා.
කොළඹ යුද හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුවේදී සංහිදියා යාන්ත්‍රණය, යුද හමුදාවේ සිවිල් හා යාන්ත්‍රික මානුෂීය මෙහෙවර, ජාතිය ගොඩනැගීම, ඉඩම් මුදා හැරීම සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබදව අදහස් හුවමාරු වූ බවයි යුද හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
මෙම අවස්ථාවට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක ලේකම් ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් ඇතුළු පිරිසක් ද එක්වී තිබෙනවා.