Gossips

ඇමරිකානු තානාපතිනිය මල්වතු – අස්ගිරි නාහිමිවරුන් බැහැදකී

ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙලිප්ස් අද (10) උදෑසන අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැක තිබෙනවා.
පළමුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැ දුටු ඇය පසුව මල්වතු විහාරය වෙත ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවී ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුවයි ඇය ශ්‍රී දළදා මාලිගාවට ගොස් ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය කඩිනමින් විසඳීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙලිප්ස් පවසනවා.
ඇය මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින්.