අඛණ්ඩව 3 වන වසරටත් අයි.සී.සී. ටෙස්ට් ශූරතාව හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වී සිටිනවා.
ඒ, ඊයේ දිනට යෙදී තිබූ ටෙස්ට් ශූරතා තරඟාවලියේ කඩඉම් දිනයේදී ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුවයි.
ඉන්දියාව ප්‍රසාද ලකුණු 116ක් ලබා ශූරතාව හිමි කර ගන්නා අතර, දෙවන ස්ථානයේ සිටින නවසීලන්තයට වඩා ඔවුන් ලකුණු 8ක් ඉදිරියෙන් සිටියා.
ඒ අනුව විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් පිළට අයි.සී.සී. ටෙස්ට් ශූරතාව මෙන්ම ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමි වනවා.
