Gossips

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ණය වැඩසටහන දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක්

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
මෙම වසර මැතිවරණ වසරක් වීම හේතුවෙන් වියදම් සීමා කිරීම සඳහා පනවා ඇති දැඩි කොන්දේසිද එමඟින් ලිහිල් කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.
වසර 3 ක් සඳහා බලපැවැත්වෙන මෙම ණය වැඩසටහන 2016 වසරේදී ආරම්භ වූ අතර, මෙම වසරේදී එය අවසන්වීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අතර, එහි 6 වන වාරිකය ප්‍රදානය කිරීම ප්‍රමාද වූයේ රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන්.