රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ඇමරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව ඊයේ (21) අත්අඩංගුවට ගත්තා.
54 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා ඕමානයේ සිට ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ මීට දින තුනකට පෙරයි.
ඔහුගේ ගමන් මල්ලේ ඇමරිකානු ඩොලර් 60,000 ක් සගවා තිබියදී සොයා ගෙන තිබෙනවා.
