Gossips

ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට ක්‍රියාත්මකයි

ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට මෙරටට ලබාදෙන බවට එරට රජය දැනුම්දී ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මේ හරහා මෙරට අපනයනකරුවන්ට සිය නිෂ්පාදන තීරු බදු සහන සහිතව එරටට යැවීමේ අවස්ථාව යළි හිමිවන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලින් සියයට 70 ත් 75 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලබන්නේ ඇමරිකාවට වන අතර, පසුගිය වසරේදී එරටට සිදුකළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 සිට 3 දක්වා ඉහළ ගොස් ඇති බව ද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.