Gossips

ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය අප්‍රේල් 22 වන දා සිට

ඇමරිකා එක්සත් ජනපදය විසින් නැවත අනුමත කළ ජී.එස්.පී. තීරු බදු සහනය අප්‍රේල් 22 වන දා සිට ශ්‍රී ලංකාවට අදාළව යළි ක්‍රියාත්මක වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය පවසනවා.
ඒ පිළිබදව ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරට වාණිජ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව සඳහන්.
ඇමරිකානු ජී.එස්.පී. තීරු බදු සහනය මෙලෙස යළි ක්‍රියාත්මක වන්නේ ජනපති ට්‍රම්ප් විසින් ඊට අදාළ වියදම් පනතට පසුගිය මාර්තු 23 වන දා අත්සන් තැබීමත් සමඟයි.
ඇමරිකා එක්සත් ජනපදය මෙරට ඇඟලූම්වල ප්‍රධාන ගැණුම්කරු වන අතර, මේ වන විට ඩොලර් බිලියන 3ක අපනයනයන් එරට වෙත සිදුකෙරෙනවා.