Gossips

ඇමරිකානු ජී.එස්.පී. අද සිට

ඇමරිකා එක්සත් ජනපදය විසින් නැවත අනුමත කළ ජී.එස්.පී. තීරු බදු සහනය අද සිට ක්‍රියාත්මකයි.
ඒ පිළිබදව ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනුම්වත් කිරීමක් සිදුකළ බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඇමරිකානු ජී.එස්.පී. තීරු බදු සහනය මෙලෙස යළි ක්‍රියාත්මක වන්නේ ජනපති ට්‍රම්ප් විසින් ඊට අදාළ වියදම් පනතට පසුගිය මාර්තු 23 වන දා අත්සන් තැබීමත් සමඟයි.
ඇමරිකා එක්සත් ජනපදය මෙරට ඇඟලූම්වල ප්‍රධාන ගැණුම්කරු වන අතර, මේ වන විට ඩොලර් බිලියන 3ක අපනයනයන් එරට වෙත සිදුකෙරෙනවා.