ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කරන පරිදි උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර යුද මුක්ත කලාපයේදී ඔහු හමුවීමට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, හමුවූයේ ද අදාළ යුද මුක්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් නුවර දියි.
එහි ආරක්ෂාව දැනටමත් තහවුරු කර ඇති බැවින් මැයි මාසය අගදී හමුව පැවැත්වීමට ද එමගින් අවස්ථාවක් උදාවනු ඇති.
