Gossips

ඇමරිකානු ජනපති, උතුරු කොරියාව සමඟ යළි සාකච්ඡාවට සුදානම්

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමඟ යලිත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් අද හමුවීමට පෙරයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සාකච්ඡාවලදී ද උතුරු කොරියාව සමඟ පැවැත්වෙන සබඳතා සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙනු ඇති බවයි.
එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමඟ සිදුකළ පසුගිය සාකච්ඡා වට දෙකේදී ධනාත්මක ප්‍රගතියක් අත් කර ගත් බවයි.