Gossips

ඇමරිකානු ජනපතිවරණයට රණවිරු කාන්තාවක්

ඉරාක යුද්ධයේදී ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවය කළ 37 හැවිරිදි තුල්සි ගබාඩ් 2020 වසරේ ඇමරිකානු ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කළා.
ඩිමොක්‍රටික් පක්ෂ කොංග්‍රස් සාමාජිකාවක වන ඇය ඒ සඳහා මුලින් පක්ෂයේ නාම යෝජනා ලබා ගැනීම සඳහා තරඟ වදිනු ඇති.
ඇමරිකානු සැමෝවා දිවයිනේ උපත ලද තුල්සි ගබාඞ් හවායි දිවයිනේ ජීවත් වන අතර, ඇය ඇමරිකානු කොංග්‍රසයේ ප්‍රථම හින්දු සාමාජිකාව ද වනවා.
එමෙන්ම ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇය එරට ප්‍රථම ජනාධිපතිනිය මෙන්ම ඒ සඳහා තේරී පත්වූ ලාබාලතම තැනැත්තිය වනු ඇති.