Gossips

ඇමරිකානු ජනපතිගෙන් උතුරු කොරියාවට සහතිකයක්

න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරියහොත් උතුරු කොරියාවට ලෝකයේ හොඳම ආර්ථීකය හිමි රටවල් අතරට පැමිණීමේ හැකියාවක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන තර්ජනයක් බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
මේ මස 27 සහ 28 යන දිනයන්හිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර දෙවැනි හමුව වියට්නාමයේදී සිදුවීමට නියමිතව තිබෙනවා.