Gossips

ඇමරිකානු චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා ප්‍රමාණවත් බලපෑමක් සිදු නොකරන බවට ඇමරිකාව එල්ල කරන චෝදනා චීනය ඊයේ ප්‍රතික්ෂේප කළා.
ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේ ඇමරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධය හේතුවෙන් චීනය එලෙස කටයුතු කරන බවයි.
කෙසේ නමුත් උතුරු කොරියාව පිළිබඳ තමන් දැඩි අවධානයක් යොමු කරන බව ප්‍රකාශ කළ චීන විදේශ කටයුතු අමාත්‍යාංශය, ඇමරිකානු චෝදනාව හැඳින්වූයේ වගකීමෙන් තොර ප්‍රකාශයක් ලෙසයි.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි හරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කරගෙන නොමැති බව පවසමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝගේ උතුරු කොරියානු සංචාරයද ජනපති ට්‍රම්ප් අවලංගු කරනු ලැබුවා.