Gossips

ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් අයි.එස්. නායකයා මරුට

ඇෆ්ගනිස්ථානයේ අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබුසාද් එර් හාබි ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පෙරේදා පාකිස්ථාන දේශසීමාවේ නන්ගහාර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මොහු සමඟ තවත් අයි.එස්. සාමාජිකයන් 10 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.
මෑත කාලයේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් ඝාතනයට ලක්වූ සිව්වැන්නා මොහුයි.
කෙසේ වෙතත් මෙම ඝාතනය ඇමරිකාව විසින් මෙතෙක් තහවුරු කර නැහැ.