ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැතිස් කලින් ප්‍රකාශ නොකළ චාරිකාවක් සඳහා අද ඇෆ්ගනිස්ථානයට පැමිණියා.
ඒ ඇෆ්ගනිස්ථානය පිළිබඳ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිළිබඳ කරුණු සොයා බැලීමටයි.
ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ඝානි සහ ඇෆ්ගනිස්ථානයේ, ඇමරිකානු හා නේටෝ හමුදා අණ දෙන නිලධාරි ජෙනරාල් ස්කොට් මිලර් ද මුණ ගැසීමට නියමිතයි.
ඇෆ්ගන් හමුදා තලෙයිබාන්වරුන් හමුවේ පසුබෑමකට ලක්ව සිටින මොහොතක මොහුගේ චාරිකාව යෙදීම ද විශේෂත්වයක්.
