Gossips

ඇමති හකීම් ජනපති සමග විශේෂ සාකච්ඡාවක

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රටේ වත්මන් තත්ත්වය සහ ඇතැම් සිදුවීම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ඔහු දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති අතර, එහිදී රජයේ ඉදිරි ගමන් මාර්ගය සහ යෝජනා පිළිබඳව අවධානය යොමුවී ඇති බව සඳහන්.
මේ අතර අමාත්‍ය රවුෆ් හකීම් අද දිනයේ නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරතවීමට නියමිත බව මුස්ලිම් කොංග්‍රසයේ ආරංචි මාර්ග සඳහන් කළා.