රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගලගේ නිවසට අද (26) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මාළඹේ – අයි. ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ මෙම නිවස පිහිටා ඇති අතර, වෙඩි තැබීමෙන් නිවසේ ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා නිවසේ රැඳී සිට ඇති නමුත්, ඔහුට සහ පවුලේ සාමාජිකයින්ට කිසිදු හානියක් සිදුවී නොමැති බව අතුරුගිරිය පොලීසිය සඳහන් කළා.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 18 ක් පමණ එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
