Gossips

ඇමති විජිතමුණි සොයිසා විශ්වාසභංගය ගැන කියයි

කොළඹ අද පැවැති තවත් මාධ්‍ය හමුවකදී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
‘‘විශ්වාසභංගය තුළ සොරුන් බලය දෙන්න පුළුවන් කමක් නෑ. විශ්වාසභංගයට මම අත්සන් කළොත් මම ඇමතිකමෙන් අස්වෙන්න ඕනි. ලබ්බට අත තිබ්බොත් පුහුලටත් අත තියෙනවා.’’
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබදව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ද අවසන් තීරණය ගන්නේ ලබන 3 වන දා බව අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.