Gossips

ඇමති රාජිත සම කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය කියයි

අමාත්‍ය රාජිත සේනාරත්න සම කැබිනට් ප්‍රකාශක ධුරයෙන් තාවකාලිකව හෝ ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එහිදී අදහස් දක්වා සිටියේ මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් ද කතානායකවරයාගේ අවධානය යොමුකරමින්.
අමාත්‍යවරයා ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳවද ඒකාබද්ධ විපක්ෂය අද ප්‍රශ්න කළා.
එම අවස්ථාවේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවීමක් පිළිබදව පැහැදිලි කළ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්දුල ගුණවර්ධන, අනුර කුමාර දිසානායක සහ දිනේෂ් ගුණවර්ධනද අදහස් පළ කළා.
ඊට අමතරව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා කල්ගත වීම සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක සහ දිනේෂ් ගුණවර්ධන ඒ පිලිබඳ ප්‍රශ්න කිරීමේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ කතානායක කරූ ජයසූරියද සංවාදයට මැදිහත් වුණා.