Gossips

ඇමති රාජිතට එරෙහිව, පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

උතුර පළාත තුළ අද දිනයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ප්‍රකාශ කළ පළාත් අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන්ට සහ එය රජයට ගැටළුවක් නොවන බව ප්‍රකාශ කළ අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත ඇතුළු නියෝජිතවරුන් කණ්ඩායමක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔවුන් එමගින් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කළ මොවුන් දෙදෙනාට එරෙහිව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.
මේ අතර, එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය අද, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා.