Gossips

ඇමති රාජිතගේ ප්‍රකාශයට විරෝධතා

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දා කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා.
මේ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදත් බෝහෝ දේශපාලනඥයින් විවේචන එල්ල කළා.
ගාල්ලේ ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුනේ රාජිත සේනාරත්න මහතා පසුගියදා කළ ප්‍රකාශයට විරෝධය පල කිරීම සඳහායි.
ගාල්ල නගරයේ ඇති රණවිරු ස්මාරකය අසලින් ඇරඹුණු මෙම උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයද අවහිර වුණා.
මේ අතර කෑගල්ල නගර මධ්‍යයේද විරෝධතාවක් පැවැත්වුණේ රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයට විරෝධය පල කිරීම සඳහායි.
මේ අතර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය සහ රණවිරු සැමරුම සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.