Gossips

ඇමති මලික්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක විසිනුයි එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
අමාත්‍ය මලික් සමරවික්‍රමගේ නීත්‍යානුකූල නොවන ඉඩම් පරිහරණයෙන් රාජ්‍ය ආයතනයකට පාඩු සිදුකර ඇති බව ඔහු සිය පැමිණිල්ල තුළින් පෙන්වාදී තිබෙනවා.