Gossips

ඇමති මනෝ අතුරුදන්වූවන්ගේ කාර්යාලය එපා කියයි

අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය හැර සෙසු ආයතන පමණක් තම විෂය පථයට ඇතුළත් කරන්නැයි ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජාතික අවශ්‍යතාවක් සේ සළකා එම ආයතන දෙක ජනාධිපතිවරයා යටතේම පැවතිය යුතු බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය දැනට ජනාධිපතිවරයා යටතේ පවතින අතර, සංහිඳියා කාර්යාංශයේ සභාපතිනිය ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගයි.