Gossips

ඇමති මනෝගෙන් ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලීමක්

විපක්ෂ නායක ධුරය පසෙක තබා ආණ්ඩු බලය ලබා ගැනීම සදහා කටයුතු කරන්නැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් කළා.
මහනුවර අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටීම හාස්‍යයට කරුණක් බවයි.
මේ අතර, ඇතමුන් ප්‍රකාශ කරන තරම් බඩු මිල වැඩිවීමක් රට තුළ නොමැති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
මහනුවර – දවුලගල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිංගප්පූරු ගිවිසුම පිළිබදව ද අදහස් දක්වමින්.